වෙබ් අඩවිය ගැන
CleanAir.lk

හැදින්වීම | අරමුණු

හැදින්වීම

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය දරුණු මට්ටම්වලට හා තවත් ප්‍රදේශවල දිගුකාලීන හානිවලට තුඩු දෙන මට්ටම් දක්වා පිරිහී ඇත.මෙම වෙබ් අඩවිය මගින් වායු ගුණාත්මකභාවය පිළිබඳ නියමිත පරිමාණයෙන් සහ ආසන්න තථ්‍ය කාලීන අධීක්ෂණය කරන ලද නිවැරදි, වර්තමාන තොරතුරු වල අවශ්‍යතාවය සපුරාලනු ලැබේ.ප්‍රභවයන්, ලක්ෂණ සහ විභව බලපෑම් අවබෝධ කර ගැනීම මගින් නිරාවරණය වීම, අවදානම් කළමනාකරණය සහ පාලනය කිරීම ප්‍රවර්ධනය කල හැක.

අරමුණු

  • ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මකභාවය, එහි ප්‍රභවයන්, එහි බලපෑම් සහ අවම කිරීමේ විකල්පයන් පිළිබඳ නිවැරදි තොරතුරු සැපයීම.
  • සවිස්තරාත්මක වත්මන් හා මෑත කාලීන වායු ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු සැපයීම.
  • වායු දූෂණය හා එහි ප්‍රවාහනයේ ප්‍රභවයන් හඳුනා ගැනීම.
  • සෞඛ්‍යය, පරිසර පද්ධති, කෘෂිකර්මාන්තය සහ වායුගෝලය කෙරෙහි වායු දූෂණයෙන් සිදුවන බලපෑම් පිළිබඳ තොරතුරු සැපයීම.
  • වාතයෙහි ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සඳහා සම්පත්දායකත්වය සැපයීම.
  • බලපෑමට ලක්වුවන්ට විශේෂයෙන් වායු ගුණාත්මක තොරතුරු සන්නිවේදනය කිරීම.
  • ශ්‍රී ලංකාවේ වාතයේ පිරිසිදු භාවය සඳහා සහාය දැක්වීම.