වායු ගුණාත්මක
සංවේදක උපකරණ

PurpleAir සංවේදකය | AirVisual සංවේදකය

තෝරාගත් ස්ථානවල අඩු වියදම් සංවේදක (IQAir Node & Purple Air II) මගින් පැයකට අංශු මිනුම් ලබාගෙන ඇත. මෙම උපකරණ කැලිෆෝනියාවේ දකුණු වෙරළ වායු ගුණාත්මක කළමනාකරණ දිස්ත්‍රික්කය විසින් හොඳින් තක්සේරු කර ඇත. එමෙන්ම, මෙම උපකරණ මගින් අංශු පදාර්ථ, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, VOC, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පැයකට කිහිප වතාවක් වාර්තා කරයි.

PurpleAir Sensor

Purple Air සංවේදක මගින් වාතයේ විසිරී ඇති අංශු වන, ඝණ අංශු මනිනු ලැබේ; මෙයට දූවිලි, දුම සහ අනෙකුත් කාබනික හා අකාබනික අංශු ඇතුළත් වේ. Purple Air සංවේදක මගින් ලේසර් අංශු කවුන්ටර භාවිතා කරමින් එම අවස්ථාවේ පවතින අංශු ප්‍රමාණයෙන් 0.3, 0.5, 1, 2.5, 5, සහ 10 μm ගණනය කළ හැකි අතර, එම දත්ත ඇසුරින් වාතයේ ඇති PM1.0, PM2.5 සහ PM10 හි ස්කන්ධ සාන්ද්‍රණය ගණනය කරනු ලබයි.

AirVisual Sensor

වෘත්තීය මට්ටමේ ලේසර් සංවේදක භාවිතා කරමින් වායු අංශු පදාර්ථ (pm2.5), CO2, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය යන මිනුම් මනින තත්‍ය කාලීන වායු ගුණාත්මක තොරතුරු පද්ධතියක් AirVisual විසින් ක්‍රියාත්මක කරයි.