වායු දූෂණයේ

සෞඛ්‍ය බලපෑම්

ශ්වසන රෝග | ආයු අපේක්ෂාව | බැර ලෝහ

පරිසරය කෙරෙහි වාතයේ ගුණාත්මකභාවය පහළ යාමේ බලපෑම පිළිබඳව සාකච්චා නොවන තරම්ය, එහෙත් විශේෂයෙන්ම මේ සම්බන්දව ශ්‍රී ලංකාව වැනි නිවර්තන රටවල් ප්‍රධාන සැලකිල්ලක් දක්වනු ලබයි. ප්‍රධාන වශයෙන් වාහන විමෝචනය, කාර්මික විමෝචනය සහ නාගරීකරණය මගින් අංශු පදාර්ථ හා හානිකර වායූන් වාතයට මුසු වීම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව වේගවත් වායු දූෂණයකට මුහුණ දී සිටී.

දූෂිත පරිසරයකට ආසන්නව ජීවත් වන වයස අවුරුදු 45-50 අතර පුද්ගලයින්ට, එම ප්‍රදේශයට මීටර 200 කට වඩා දුර පරතරයකින් ජීවත් වන අයට වඩා වසර පහක කාලයක් තුළ ඇදුම, හුස්ම හිරවීම සහ පෙනහළු ක්‍රියාකාරිත්වය අඩු වීමේ අවදානම සියයට 50 කින් වැඩි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. දූෂිත වාතයට නිරාවරණය වීමෙන් අනතුරුදායක පරිසරයක ජීවත්වන ජනතාවට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වී තිබේ. වාතයේ ඇති අන්වීක්ෂීය දූෂක ආශ්වාස මගින් ශ්වසන පද්ධතියට විනිවිද යන අතර පෙනහළු, හෘදය, මොළය සහ ශරීරයේ අනෙකුත් අවයව වලට හානි කරයි.

කෙටිකාලීන සෞඛ්‍යමය බලපෑම්

asthma-wheezing

දූෂිත වාතය කෙටිකාලීන හා දිගු කාලීනව සෞඛ්‍යයට බලපායි. කෙටිකාලීන සෞඛ්‍යමය බලපෑම් වනුයේ ඇස්, නාසය, සම, උගුර, හුස්ම හිරවීම, කැස්ස සහ පපුවේ තද ගතිය සහ තාවකාලික විය හැකි හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම, නියුමෝනියාව, බ්රොන්කයිටිස් සහ පෙනහළු හා හෘද ආබාධ වැනි වඩාත් බරපතල තත්වයන් ද දැකිය හැක. කෙටිකාලීන වායු දූෂණයට නිරාවරණය වීමෙන් හිසරදය, ඔක්කාරය හා කරකැවිල්ලද ඇතිවිය හැකිය.

දිගු කාලීන බලපෑම්

පෙනහළු වල වයස්ගත වීම වේගවත් වීම, පෙනහළු ධාරිතාවය අඩුවීම සහ පෙනහළු ක්‍රියාකාරිත්වය අඩුවීම, ඇදුම, බෙ‍්‍රාන්කයිට්ස්, එම්පිසීමාව වැනි රෝග වර්ධනය වීම සහ අවසානයේදී මරණයට හේතු විය හැකි පිළිකා වැනි දිගු කාලීන බලපෑම් ඇති විය හැක.

අධික වායු දූෂණ මට්ටම් මගින් උග්‍ර වූ හෘද වාහිනී හා ශ්වසන රෝග වැනි ක්ෂණික සෞඛ්‍ය ගැටලු ද ඇති විය හැක. හෘදයට හා පෙනහලු වලට ආතතියක් එක් කරයි, එමගින් ශරීරයට ඔක්සිජන් සැපයීමට ශ්වසන පද්ධතියේ හානියට පත් සෛල වෙහෙස විය යුතුය. වසංගත, ආසාදන හා බෝ නොවන රෝග පැතිරීම ද වර්තමානයේ නිතර සිදුවන අතර ඒ සඳහාද දේශගුණය සම්බන්ධ වේ. ස්වාභාවික විපත් සිදුවීමෙන් පසු රෝග වැඩිවීමක් ද දක්නට ලැබෙන අතර, දේශගුණික සංවේදී රෝග ද ඉහළ යමින් පවතී. එමෙන්ම, උණුසුම් රටවල වෙසෙන ජනතාවට තාප ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සඳහා වැඩි අවදානමක් ඇත.

දූෂිත වාතයට නිරාවරණය වීමෙන් සම වයසට යාම, කුරුලෑ, සමේ රෝග, කුෂ්ට, දද වැනි සම ආශ්‍රිත රෝග වර්ධනය වේ. අධික ලෙස දූෂිත වාතයට නිරාවරණය වන ගර්භනී කාන්තාවන්ගේ කළලයේ වර්ධනය අඩුවීම, අඩු උපත් බර සහ ඔටිසම් රෝගී දුර්වලතා වාර්තා කර ඇත. වැඩිහිටියන් හා ළමුන් තුළ අධික ලෙස දූෂිත වාතයට නිරාවරණය වීම හේතුවෙන් ස්නායු ආබාධ ද නිරීක්ෂණය කළ හැකිය.

NCPP සහ වෙනත් අහිතකර අවස්ථාවන්හිදී බොහෝ සිද්ධීන් වාර්තා වී ඇත. මෙම ප්‍රදේශවල වෙසෙන අයගේ ජීවිත ද අවදානමට ලක්ව ඇත. ළදරුවන්, ළමයින්, වැඩිහිටියන් සහ දුප්පතුන් මෙම තත්වයට වඩාත්ම බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා මරණයට හා වෙනත් රෝගවලට ප්‍රධාන හේතුව වායු දූෂණයයි. ගෝලීය වශයෙන්, මිනිසුන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු දූෂිත වාතය ආශ්වාස කරන අතර සෑම වසරකම මිලියන 7 ක් මිය යති.

බැර ලෝහ

වායු දූෂක මගින් බැර ලෝහ Hg වැනි අංශු රැගෙන යන අතර එය ජල මාර්ගවල තැන්පත් වේ. මෙම අපිරිසිදු ජලය සහ මසුන් පරිභෝජනය කරන මිනිසුන්ට සහ සතුන්ට බරපතල රෝගාබාධ ඇතිවීමේ වැඩි ඉඩක් ඇත. CEJ විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ NCPP ආසන්නයේ ජීවත් වන කාන්තාවන්ගේ හිසකෙස් වල රසදිය (PPM 1 ට වඩා) ඇති බවයි.

වායු දූෂණය හේතුවෙන් ඇති වන සෞඛ්‍යමය අහිතකර බලපෑම් වලට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍යයට අදාළ ගැටළු ඵලදායී ලෙස විසඳීම සඳහා තිරසාර ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

යොමුව –